අප ගැන

ලංකා

“ක්‍රොස්රෝඩ්ස් ලංකා” යනු කරුණාව, හා මිනිසත්කම පදනම් කරගත් ස්වේච්චා සංවිධානයකි. මෙහි පසුබිම සිටින්නේ, ආදරය හා කරුණාව පෙරදැඩි කරගත්, මිනිසත්කමින් හද තෙත්වූ, සංවිධායක මඩුල්ලකි. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ අද සමාජය තුල තිබෙන ඇති නැති විෂමතාවය යම්තාක් දුරට අඩු කිරීමටය. ක්‍රොස්රෝඩ්ස් ශ්‍රීලංකා නිරන්තරයෙන්ම නොයෙකුත් අවශ්‍යතාවයන්ගෙන් පෙලෙන්නාවූ දරුවන් කෙරෙහි තම අවදානය යොමු කරන්නට කැමැත්තෙන් සිටී. අප ආයතනය මගින් එකතු කරන්නාවූ ආධාර තුලින් දරුවන්ට අවශ්‍ය දෑ ලබා දීම අපගේ පරමාර්ථයයි. එකතු කරන්නාවූ සියලුම ආධාර, ඉලක්ක කරගත් ප්‍රදේශයන්ට සෘජුවම ලබාදීම අපගේ බලාපොරොත්තුව‍යි. මෙම මහගු සමාජ සත්කාරය සඳහා, නොමසුරුව, සහයෝගය, දක්වන ලෙස සියලුම පරිත්‍යාගශීලී අයගෙන් ඉල්ලා සිටිමු.
sadas

අපගේමෙහෙවර ප්‍රකාශය

නොයෙකුත් සමාජ විශමතාවයන්ගෙන් හා අවශ්‍යතාවයන්ගෙන් පිරුණු සමාජයක ජීවත්වන දූ දරුවන්ට, පිහිට උපකාර කිරීමට හා මූල්‍ය හා ද්‍රව්‍යමය මාධ්‍ය තුලින්, ඔවුන්ගේ ජීවන රටාව නගා සිටුවීමටත්, හැකි සෑම අවස්ථාවකම අපගේ දේශයේ දරුවන්ට ආශීර්දයක්ම වීම ක්‍රොස්රෝඩ්ස් ලංකා ස්වේච්චා සංවිධානයෙහි පරම අදිෂ්ඨානයයි.

sadas

අපගේපරමාර්ථය

  • අපගේ සමාජයේ සිටින දුප්පත් අසරණ දරුවන්ගේ අවශ්‍යතාවය ගැන ලෝකයේ නොයෙකුත් රටවල් වල සිටින පරිත්‍යාගශීලීන් දැනුවත් කිරීම
  • මුදල් හා ද්‍රව්‍යමය දෑ ලෝකයේ නොයෙකුත් දේශයන්හි වාසය කරන කරුණාවෙන් හෙබි දානපතීන්ගෙන් ලබා ගැනීම.
  • කෙටි කාලීන හා දිගු කාලීන සැලසුම් පිලිබදව මනා අවබෝධයෙන් සිටීම, හා එම සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා නිසි කාලසටහනක් සකස් කර ගැනීම
  • මුදල් හා ද්‍රව්‍යමය දෑ එකතු කරන ආකාරය පිලිබඳව සොයාබලීම, එකතු කරන සියල්ල පිලිබඳව වගවීම.
  • ආධාර එකතු කල තැන් පටන් එම ආධාර දරුවන් අතට පත් කරන තුරු , පරිපුර්නවූ විනිවිද භාවයකින් කටයුතු කිරීම
  • දරුවන්ගේ මුලික අවශ්‍යතාවයන් සම්පුර්ණ කිරීමෙන් දෙමාපියන්ගේ බර යම්පමන දුරට සැහැල්ලු කිරීම